hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 24, පෙ.ව. 5:28



75වන නිදහස් දිනයට සමගාමීව මහජනතාවට විශේෂ අවස්ථා කිහිපයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිදහස් දිනය යෙදෙන එළඹෙන වසරේ පෙබරවාරි මස 04 වනදා ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දීමට තීරණය ගෙන තිබෙනවා.

එසේම එළඹෙන වසරේ පෙබරවාරි මස 04 වනදා 75වන නිදහස් දිනයට සමගාමීව රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 50කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.