hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 29, ප.ව. 3:44



ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට අවශ්‍ය ආහාර පිළිබඳව වාර්ෂික ලැයිස්තුවක් ලබා දෙන ලෙස ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට දන්වා තිබෙනවා.

එලෙස ශ්‍රි ලංකාවේ ආහාර අවශ්‍යතාවයන් කල් තියා දැන ගැනිම තුළින් ශ්‍රි ලංකාවට අවශ්‍ය ආහාර ලබා දිම සදහා සිය ආර්ථික ප්‍රතිපත්තින් වලදි ප්‍රමුඛස්ථානය ලබා දිය හැකි බවයි ඉන්දිය මහකොමසාරිස්වරයා සදහන් කර තිබෙන්නේ.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් අද (29) ශ්‍රි ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් නිල නිවෙස්දි පවත්වා තිබෙනවා.

මෙහිදි ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබදව දෙපාර්ශවයෙහිම අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

දැනට පවතින ඉන්දු ශ්‍රි ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් විස්තිරණ වෙළෙඳ ගිවිසුමක් ලෙස, 2018 වසරේදි සාකච්ජා කරන ලද ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර ගිවිසුම (Economic and technical cooperation agreement) පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

තවද ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරෙන දිවයිනේ වතු ආශ්‍රිත සහ අඩු ආදායම්ලාභී පවුල් වලට ආහාර බෙදාදීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දිමටද මෙහිදි එකඟ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ආරාධනාවක් අනුව මෙම  හමුව පවත්වා තිබෙනවා.