2022 ජූනි 14, පෙ.ව. 3:03
කොළඹ සහ අවට ප්‍රදේශවල මේ දිනවල ඉන්ෆ්ලුවන්සා රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
විශේෂයෙන් පාසල් දරුවන් අතර හා පෙර පාසල් දරුවන් අතර එම රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියා.
මෙම රෝග තත්ත්වය ඉක්මනට පැතිරීමට හැකි බැවින් දරුවෙකුට ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇත්නම් නිවසේ තබා ගන්නා ලෙස ඔහු පවසයි.
ස්වභාවික දියර ආහාර හා විවේකය ලබාදීම මඟින් එම රෝගී තත්ත්වය ඉක්මනින් සුව කරගත හැකි අතර නියමිත මාත්‍රාව අනුව පමණක් පැරසිටමෝල් ලබා දෙන ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
“මෙතන දී රෝග ලක්ෂණ විදියට උණ, ඇඟපත රිදීම, කැස්ස, හෙම්බිරිසාව වගේ රෝග ලක්ෂණ තමා මුලිකව දකින්නේ. සමහර ළමයි අපි දැක්කා උණයි, ෆිට් එක පවා හැදිලා ඇවිල්ලා ඉන්නවා. හෙම්බිරිසාව, කැස්ස, උණ තියෙද්දි අපි පහුගිය කාලයේ හිතුවේ කොවිඩ් කියලා. හැබැයි මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා ඒ ගැන දැනුවත් වෙන එක හොඳයි. දුරස්ථභාවය තවදුරටත් තබාගන්න. අත්දෙක සෝදන එක. ළමයි පන්තිවල තවදුරටත් මාස්ක් එක දානවානම් හොඳයි. පාරේ යද්දි මාස්ක් එක නොදැම්මට පන්තිවලදි, මොන්ටිසොරියේ දී, දිවා සුරකුම් මධ්‍යස්ථානවල දී, රෝහල්වල දී විශේෂයෙන්ම මුඛ ආවරණ දැම්මොත් හොඳයි කියලා අපි හිතනවා.”
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 6:15
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:18
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:37
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:28
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 9:58