hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 18, පෙ.ව. 12:04



ඇපල් ආයතනය විසින් iPhone මඟින් කෙටි පණිවිඩ (SMS) යැවීමේ ක්‍රමය වෙනස් කර තිබෙනවා.

එය 2024 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව iPhone සඳහා ද ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා භාවිතා කරන RCS (Rich Communication Services) ක්‍රමවේදය භාවිතා කිරීමට නියමිතයි.

කෙටි පණිවිඩ යැවීම සඳහා භාවිතා කරන වැඩිදියුණු කළ ක්‍රමවේදයක් ලෙස Rich Communication Services හැඳින්විය හැක.

මේ හරහා ලබන්නාට පණිවිඩය ලැබුණු බව පණිවිඩය කියවා ඇති බව සහ ටයිප් කරන විට එය පණිවිඩය යවන්නාට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: