hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 ජූලි 03, පෙ.ව. 9:34



රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටි ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබෙනවා.

එහිදී ඔහුට ශල්‍යකර්මයක් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ඊයේ (02) රාත්‍රී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය තලාව මොරගොඩ ප්‍රදේශයේ හතේ කණුව ආසන්නයේ දී වන අලියෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ජැක්සන් ඇන්තනි මහතා සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: