hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 29, ප.ව. 7:19



ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා ඇතුලු පිරිසක් යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින්  තොරාගත් පවුල් 1300 ක් වෙනුවෙන් අධාර ලබාදීමේ වැඩසටහනකට අද (29) දින සහභාගී වුණා.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවති අතර එහිදී යාපනය දිස්ත්‍රීක්කයේ තොරාගත් දිළිඳ පවුල් 100 ක් වෙනුවෙන් පළමු පියවර වශයෙන් ප්‍රථමාධාර, ආහාර ද්‍රව්‍ය ඇතුලු කට්ටලය බැගින් පවුලකට ලබා දීමට පියවර ගෙන තිබුණා.

මේ අතර ඊයේ (28) දිනයේදී චීන නියෝජ්‍ය තානාපති වරයා යාපනය කොටුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අතර එහිදී දෙමළ සංස්කෘතියට අනුව සුදු පැහැති වෙට්ටියකින් සැරසී පැමිණීමද විශේෂ වුණා.

එහිදී නියෝජ්‍ය තානාපතිවරයා යාපනය කොටුවේ ඓතිහාසික ස්ථානයන් නැරඹූ අතර විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණා.