hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 19, ප.ව. 7:15



ඉන්දියාවේ රාමේෂ්වරම් මුහුදු වෙරල තීරයට ඊයේ (18) බුදුපිළිම රැසක් සමගින් මණ්ඩපයක් මෙන් සැකසූ යාත්‍රාවක් ගොඩගැසීම හේතුවෙන් එහි ධීවර ජනතාව නොසන්සුන් වී ඇතැයි වාර්තා වෙනවා.

අදාල බුදුපිළිම සහිත යාත්‍රාව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිට ගසාගෙන එන්නට ඇත්දැයි යන්න පිලිබඳවද ප්‍රදේශයේ ධීවර ජනතාවට සැක පහල වී තිබෙනවා.

රාමේෂ්වරම් තංගච්චිමඩම්, අන්තොනියර් පුරම් මුහුදු වෙරල තීරයට මෙලෙස මෙම යාත්‍රාව ගොඩගසා තිබුණු අතර පසුව ඒ පිළිබඳව ප්‍රදේශයේ ධීවරයින් පොලීසියට හා වෙරලාරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබුණා.

පොලීසිය හා වෙරලාරක්ෂක නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලදී යාත්‍රාව තුල විවධ ප්‍රමාණයන්ගෙන් යුත් බුදු පිළිම රැසක් හිඳුවා තිබූ අතර එය කුම් හේතුවෙන් නිර්මාණය කරන්නට ඇත්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැත.

කෙසේවෙතත් එරට වෙරලාරක්ෂක නිලධාරීන් වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවෙන් හෝ මියන්මාරයෙන් මෙම බුදුපිළිම සහිත යාත්‍රාව පැමිණෙන්නට ඇති බවටත් එලෙස ගසාගෙන ඒමට හේතුව පිළිබඳව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටත්ය.