hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 01, පෙ.ව. 4:47



ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එවන ලද ආධාර රැගත් විශේෂ භාණ්ඩ දුම්රියක් ඊයේ (31) උදෑසන යාපනය දුම්රිය ස්ථානයට ලඟා වූ බවට යාපනය දිසාපති කේ. මහේෂණ් මහතා පවසා සිටියේ.

එලෙස පැමිණි භාණ්ඩ දුම්රියෙන් කිරිපිටි කිලෝ 7500 ක් සහ සහල් උර 20,000  ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙලෙස රැගනවිත් ඇති අතර එම ආධාර අද දිනයේ සිට ආර්ථික අපහසුතා සහිත දිළඳු පවුල් වෙනුවෙන් බෙදා හැරීමට පියවර ගෙන ඇතැයිද යාපනය දිසාපති කාර්යාලය පවසයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ප්‍රදේශ භාර ග්‍රාමසේවක නිලධාරීන්ගේද සහය ඇතිව ඉන්දීය ආධාර ඉදිරි දින කිහිපයේදී බෙදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය අධාර රැගත් දුම්රිය යාපනය දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවට යාපනය දිසාපති, යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් කාර්යාල නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.

මීට පෙරද ඉන්දියාවේ සිට යාපනයේ ජීවත්වන දූපත්වාසී ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් ලීටර් 15,000 ක්ද යාපනයට ලැබුනු අතර එම ඉන්ධනද දූපත් ජනතාවට බෙදා හැරීමට පියවර ගෙන ඇතැයිද යාපනය දිසාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.