hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 6:05



යුද සමයේදී කොටි නායකයෙකුව සිට යාපනයේදී මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 35 වන ගුණසැරුමේ අවසන් දිනය වූ ඊයේ (26) සවස පැවති උත්සවයේ ප්‍රධාන පහන දැල්වීමේ අවස්ථාවේ ඇති වූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පැවසුවා.

යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ පැවති එම ගුණසැමරුම් අවසන් දින උත්සව අවස්ථාවේදී ප්‍රධාන පහන පළමුව දැල්වීම සම්බන්ධයෙන් පුනරුත්තාපනය ලැබූ හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයින් හා සංවිධායකයින් අතර බහින්බස්වීම සිදුව තිබෙනවා.

එහිදී පුනරුත්තාපනය වූ හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයින් තමන්ට පළමුව ප්‍රධාන පහන දැල්වීමට අවශ්‍ය බව පවසා සංවිධායකයින්ට බැන වදිමින් බලහත්කාරයෙන් පහන් දැල්වීමට ගත් උත්සහයකදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර එහිදී හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ ඇඳුමට ගිනි ඇවිලීමෙන් සිරුරද පිලිස්සී තුවාල සිදුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව තිබූ බවයි වාර්තා වන්නේ.

අනතුරුව හිටපු කොටි ත්‍රස්ත සාමාජියින් විසින් පළමුව පහන දැල්වීම සිදු කරනු ලැබීමෙන් පසු සෙසු පිරිස් පහන් දැල්වීම සිදු කොට තිබෙනවා.

1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන ලෙසට ඉල්ලමින්.

එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියා.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්.

මේ හේතුව නිසා පසුගිය 15 වනදා සිට යාපනය නල්ලූර් කෝවිල අසල තිලීපන්ගේ 35 වන ගුණ සැමරුම 26 වනදා දක්වාම පැවති අතර උතුරු පලාතේ ස්ථාන කිහිපයකම තිලීපන්ගේ 35 වන ගුණසැමරුම සිදු වුණා.

වන්නි – රොමේෂ් මධුෂංඛ