hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 04, ප.ව. 5:03



75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් එසවෙන ජාතක කොඩිය වෙනුවට ආණ්ඩුවට විරෝධය පලකරමින් යාපනය විශ්වවිද්‍යාලයේ කලු කොඩියක් එසවීමට යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් අද (04) උදෑසන පියවර ගෙන තිබුණා.

යාපනය විශ්වවිද්‍යාලයේ සෑම උත්සව අවස්ථාවකදීම ජාතික ධජය ඔසවන ස්ථානයේ මෙලෙස කලු කොඩිය ඔසවා ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක් වූ අතර විශ්වවිද්‍යාල භූමියේ සහ පිවසුම් දොරටුව අබියසද ස්ථාන කිහිපයක කලු කොඩි ප්‍රදර්ශනය කිරීමට මහා ශිෂ්‍ය සංගමය විසින් පියවර ගෙන තිබුණා.

මේ අතර නිදහස් දා උතුරු නැගෙනහිර සියළු වෙළඳසැල්හි ජාතික ධජය වෙනුවට කලු කොඩිය ප්‍රදර්ශනය කරමින් නිදහස් දා කලු දිනයක් සේ සලකා වෙළඳසැල් සියල්ලක්ම වසා දමා සහය ලබා දෙන ලෙසටද උතුරේ වෙළඳ සංගම් වෙතට යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ඉල්ලීමක් කොට තිබූ අතර අද දින බොහෝ වෙළඳසැල්හි කලු කොඩි ප්‍රදර්ශනය කොට තිබීමද විශේෂත්වයක්.

යුද්දයෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ නොවිසුඳුනු ගැටලු, දේශපාලනික ගැටලු ආදි ගැටලු රැසක් පැවතියද කිසිදු රජයක් මෙම ගැටලු වෙනුවෙන් මෙතෙක් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරියටත් අඛණ්ඩ අරගලයක යෙදෙන බවටද මහාශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පවසා සිටිනවා.