hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 04, ප.ව. 9:41



අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට අද පැය 7ක ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.

ඒ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ බෙල්ලේ පසුපස කොටසේ කශේරුකාවන්හි සිදු ව ඇති හානිය සකස් කිරීම සඳහායි.

ශල්‍යකර්මයෙන් පසු ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වෙනවා.

චිත්‍රපටයක රූගත කිරීමකට අනුරාධපුරය ප්‍රදේශයට ගොස් සිටි ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටී ඇති අතර පසුව එම අලියා කැබ් රථය මතට ඇද වැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන් මුලින්ම අනුරාධපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.