hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 29, ප.ව. 1:10



මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා පවසනවා.

අද (29) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය චෝදනා පත්‍රය මේ වන විට සකස් කර ඇති බවයි.

එමෙන් ම, ඊට ආණ්ඩු පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලැබී ඇතැයි ද ඔහු එහිදී පැවසුවා.

“අපි රජයක් හැටියට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඒ අවශ්‍ය නීතියමය කටයුතු ඒ වගේ ම ඔහුව ඉවත් කිරීම සඳහා අවශ්‍ය චෝදනා පත්‍රය මේ වන විට සකස් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ම මේ පිළිබඳව එකඟතාව පළ කරලා තියෙනවා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන.”

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, ජනක රත්නායක මහතා ඔහුගේ තනි මතයට පසුගිය කාලයේ ක්‍රියා කර ඇති බවයි.