hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 08, ප.ව. 1:03



මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවෙන් ඉවත්වන ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ එල්ලවන දේශපාලන බලපෑම් එම තීරණයට බලපා ඇති බවයි.

එම නඩුකරය ඉවත් කරගන්නා ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන චතුරිකා විජේසිංහ සහ අලුතින් කොමිසමට පත්වූ ඩග්ලස් නානායක්කාර යන සාමාජිකයන් ලිඛිතව දැනුම්දී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එලෙස ඊයේ (07) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසම නඩු පැවරීමට ඒකමතිකව ගත් තීරණය කුමන දේශපාලන බලපෑමක් එල්ල වූවද ඉවත්කර නොගන්නා බවද ඔහු කියා සිටියා.