hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 18, පෙ.ව. 7:13



තිළිණි ප‍්‍රියමාලි සමග මුල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජානකී සිරිවර්ධන නමැත්තිය විසින් සිය සම්බන්ධතා යොදා ගනිමින් රක්ෂිත බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ගේ කුටි වෙනස් කිරීම් සිදු කරමින් ඇතැයි නිදහස් මාධ්‍යවේදී හා හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන කීර්ති රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

ජානකී සිරිවර්ධන බන්ධනාගාරය තුළ සුපිරි බලයක් සහිතව කටයුතු කරමින් ඇතැයිද ඔහු කියා සිටිනවා.

ලිබියාවේ හිටපු ජනාධිපති ගඩාෆි සමඟ ද ජානකි සිරිවර්ධන සබඳතා පවත්වා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: