hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 13, පෙ.ව. 10:43



ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳ සැබෑ තතු යට ගැසීම සඳහා පොලීසියට හා අදාළ පාර්ශවයන්ට බලපෑම් එල්ල වෙනවා ද ? යන්න පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අදහස් පළ කළා.

ඒ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින්.

එහිදී නිහාල් තල්දූව මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“පොලීසිය පැහැදිලිව විමර්ශන කරගෙන යනවා. මෙවැනි විමර්ශනයක් කරන්නේ පොලීසිය තනියම නෙමෙයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා ඍජුව සම්බන්ධ වෙනවා, රජයේ රස පරීක්ෂකවරයා ඍජුව සම්බන්ධ වෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් ගත්තහම කණ්ඩායම් රාශියක් එකතුවෙලා මේක කරන්නේ. ප්‍රාදේ‍ශීය වශයෙන් තියෙන පොලිස් කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොට්ඨාසය, ඒ විතරක් නෙමෙයි. නීතිපතිවරයා ඒ වගේම අධිකරණය. මේ සියල්ල ඒකරාශි වෙලා කරන දෙයක්. මේක තනියම කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මුදල් ලබාදීලා පොලීසියට මේක යටපත් කරන්න උත්සාහ කරනවා කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා පැහැදිලිවම. නමුත් යම් ආකාරයක එවැනි තොරතුරක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව ඉඟියක් ලැබුණොත් ඒ පිළිබඳව සොයා බලනවා කවුද එහෙම කරන්න උත්සාහ කරන පුද්ගලයා කියලා.”