hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 5:15



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතාගේ ඝාතන සිද්ධියට අදාළව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශ ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත ඒ මහතා කැඳවීමෙන් අනතුරුව පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව එම නිලධාරියා සඳහන් කළා.

සමරවික්‍රම මහතා අදාළ සාකච්ඡාව සිදුකරන ලද්දේ නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමගයි.

ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කරන්නේ මෙම ඝාතනය සැකකරුවකු වන බ‍්‍රයන් තෝමන් යනු තිළිණි ප‍්‍රියමාලිටත් වඩා විශාල මූල්‍ය වංචාකරයෙකු බවයි.

බ්‍රයන් තෝමස් ඉහලට ගෙන ආවේ මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක අයිතිකාරයෙක් බවද හෙතෙම කියා සිටියා.