hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 27, පෙ.ව. 9:20



මේ දක්වා අභිරහසක්ව පවතින ජනශක්ති සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී දිනේෂ් ෂාස්ටර්ගේ මරණය සිය දිවි නසාගැනීමක් බවට පොලිසියට පහළවූ සැකය සනාථ කරන තවත් සාක්ෂි රැසක් ඔහුගේ මාල්පාරේ පිහිටි නිවසේ තිබී හමුව ඇති බව පරීක්ෂණ පවත්වන නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය 24 වනදා සවස දිනේෂ් ෂාෆ්ටර් මහතා ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරීක්ෂා කරද්දී නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් මහතා මියයන අවස්ථාවේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරයේ ඉතිරි කොටසද, දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වී තිබෙනවා.

ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මවගේ නිවෙසේ රූපවාහිනිය සඳහා යොදා තිබූවක් බව වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ගෙල හා දෑත් සිරවූ කේබල් ටයිට් පටයට සමාන කේබල් ටයිට් 08ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති අතර එම කේබල් ටයිට් හමු වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදීයි.

දෑත් ගැට ගසා තිබුණු කේබල් ටයිට් වර්ගය බහුල වශයෙන් මෙරට භාවිත කරන වර්ගයේ එකක් නොවන බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඒවා කෙනෙකුට තනිව වුවත් ඇද සිරකරගත හැකි ආකාරයේ ඒවා බව පොලිසිය පවසනවා.

සිද්ධිය වූ දිනයේ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට එදින සවස 2.06ට පමණ නිවෙසින් පිටත්ව කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි කෙටි ආහාර අලෙවි ස්ථානයකින් දෙදෙනකුට සෑහෙන කෙටි ආහාරද ගෙන ඇති නමුත් ඒ සියල්ල ඔහු තනිව භුක්ති විඳ ඇත්තේ එම ස්ථානයේ සිටියදීය. පසුව ඔහු තනිව කොළඹ කනත්ත වෙත වාහනය ධාවනය කර ඇත්තේ.

මෝටර් රථය අසළින් යම් පුද්ගලයෙකු ගමන් කරන අයුරු කනත්තේ සුළු සේවකයෙකු දැක තිබුණා.

එම පුද්ගලයා කවුරුන්ද යන්න කරුණු අනාවරණය වී නැත.

ඔහු බ්‍රයන් තෝමස් වෙත යැවූ එස්එම්එස් පනිවිඩයද කිසියම් නොමග යවන ආකාරයේ එකක් බව පෙනී ගොස් ඇත්තේ.

නැන්දම්මා වෙත යොමු කර ලියා තබන ලද ලියුමේ සිය කලකිරුණ ජීවිතය ගැන ෂාස්ටර් මහතා සදහන් කර තිබෙන අතර එහි සියලු කරුණු පොලිසිය තවම ප්‍රසිද්ධ කර නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකයට ලක් වූ සියලු පුද්ගලයන්‍ නිදහස් කිරීමටද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා කරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ගැනීමට නොහැකි වීමෙන් ව්‍යාපාර දිනෙන් දින පාඩු ලැබීම නිසා ලංකාවේ දේපළ විකුණා බිරිය සමග විදෙස් ගතවන්නට පැය කිහිපයකට පෙර මරණය වාර්තා වුණා.

ඔහු ණය ගනුදෙනු වලින් මිදීමට ඝාතනයක් ලෙස හැඟවෙන්නට දිවි නසාගෙන ඇති බවට පොලිසිය දැන් සැක කරනවා.