hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 29, ප.ව. 1:52



අභිරහස් ලෙස මරණයට පත් වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා තම අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔහුගේ මරණයට සති දෙකකට පෙර මෙම අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බවද වාර්තා වෙනවා.

පවුලේ සියලු දෙනාටම ඔහු සතු දේපළ වලින් උරුම කොටස එම අන්තිම කැමති පත්‍රයෙන් පවරා දී තිබෙනවා.

දැනට අන්තිම කැමති පත්‍රයේ විස්තර පොලිසිය සතු වන නිසා එම මරණයට අදාළ පරීක්ෂණ නව මාවතකට යොමු වී තිබෙනවා.