hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 20, ප.ව. 3:36



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය හා අසාර්ථක තිර පිටපතකට අනුව කරන ලද නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම ඝාතනය බොරැල්ල කනත්තේ නොව වෙනත් තැනක සිදුකරන කනත්තට ගෙනැවිත් දැමූ බවට සැක සහිත බව ද ඔහු පැවසුවා.

බැලූ බැල්මට පළපුරුදු අපරාධකාරයෙක් මෙම ඝාතනය සිදු කර නැතැයි ද පෙනී යන බව ඒ මහතා කියා සිටියා.