hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:03



මෙරට විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්හට ජපානයේ උසස් අධ්‍යාපන ආයතන තුනක සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ආසියානු මානව සම්පත් බැංකුව ( Asian Human Resource Bank) එකඟත්වය පළ කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග එම නියෝජිත පිරිස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කළ සාකච්ඡාවකදී ඉහත තීරණයට එළඹ තිබෙනවා.

කෘෂිකර්ම විෂය පමණක් නොව වැවිලි බෝග සම්න්ධව විෂය හදාරණ සිසුන් සඳහා ද මෙම සීමාවාසික පුහුණුව ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ඉල්ලීමක් කළා.

මෙම සීමාවාසික පුහුණුව ලබන කාලයේ මාසිකව යෙන් 146,960ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 328,341ක දීමනාවක් ලබා දීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

පුහුණු කාලය වසරකි.

මෙම කාලයේ ඉහත දීමනාව ලබා දෙන අතරම ආහාරපාන හා නේවාසික පහසුකම් මෙන්ම ගුවන් බලපත්‍ර නොමිලයේ ලබා දීමට ද තීරණය කර ඇත.

මීට අමතරව ජපන් භාෂාව පිළිබඳ උසස් පුහුණුවක් ලබා දීම හා ජපානයේ ගොවිපොළවල උසස් තාක්ෂණික පුහුණුවක් ද ලබා දීමට කටයුතු කරන බව ජපාන නියෝජිතයෝ ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: