hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 17, පෙ.ව. 5:27



තරුණ සේවා සභාව සතියෙ දින හතම විවෘතව තබන්න ඓතිහාසික තීරණයක් ගන්නා බවත් එවිට එහි රාත්‍රී 10.00 වන තෙක් පාඨමාලා පවත්වන බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

තරුණ හා ක්‍රීඩා කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය දිස්ත්‍රික් වැඩසටහන අනුරාධපුරයේ පැවති අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

තවද දැනට මිලියන තුනක රැකියා ප්‍රමාණයක් ජපානයේ තිබෙන බැවින් තරුණයින්ට ජපානයට යෑමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා පැවසූවේ.

ඒ සඳහා ජපන් භාෂාව ඉගෙන ගැනීම, වෘත්තීය පුහුණුව ලබා ගැනීමෙන් පසු අදාළ විභාගය සමත් වීම මෙන්ම ජපන් සංස්කෘතිය ඉගෙන ගැනීම ආදී සුදුසුකම් සපුරා ගැනීමට අවුරුද්දයි මාස දෙකක් වැනි කාල සීමාවක් පහු කළ යුතුයි.

එමෙන්ම හෙදියන් වැඩි ප්‍රමාණයකට එංගලන්තයේ රැකියා අවස්ථා හිමිකර ගැනීමට හැකියාව පවතින අතර ඒ සඳහා එංගලන්තයේ සෞඛ්‍ය අංශයේ MHS සමඟ ඉදිරි වැඩ කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.