hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ජනවාරි 09, පෙ.ව. 11:55



යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයෙකු මසුන් ඇල්ලීමට යාමේදී ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසනවා.

මෙම ධීවරයා පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදා ගුරුනගර් මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවකදී ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබා නිවසට ගොස් ඇතත් තුවාල සම්පූර්ණයෙන් සුව නොවීම හා යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටීම හේතුවෙන් නැවත අසනීප වී රෝහල් ගතකොට තිබෙනවා.

මිය ගිය ධීවරයාගේ මරණ පරික්ෂණයෙන් හෙළි වී ඇත්තේ ජෙලිෆිෂ් විෂ හේතුවෙන් සිදුවූ තුවාල සුව නොවීම හා එම තුවාල මගින් විෂබීජ ඇතුලුවී රෝගියාගේ සිරුරේ බොහෝ ඉන්ද්‍රියන් අකර්මන්‍ය වීම හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇති බවටයි.

මෙලෙස ජෙලිෆිෂ් ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඇල්ජින් ජෙනිරාජ් නැමැති ධීවරයෙක්.