hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:18



සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තීය කුසලතා සහිත ශ්‍රී ලාංකිකයින්ට විශාල සහනයක් සැලසෙමින්, Skills Verification Programme යටතේ පවත්වනු ලබන අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගය ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් පැවැත්වීමට සෞදි අරාබියේ TAKAMOL Holdings ආයතනය එකඟතාව පළ කර තිබේ.

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දීර්ඝ කාලයක සිට කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව SVP විභාග ප්‍රශ්න පත්‍ර TAKAMOL මාර්ගගත පද්ධතියට අදියර දෙකක් යටතේ (පළමු අදියර 2026 ජූලි 29 දින සහ දෙවන අදියර 2026 අගෝස්තු 15 දින) ඇතුළත් කෙරේ.

භාෂාමය බාධාවන් හේතුවෙන් මෙතෙක් අපහසුතාවට පත්වූ ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ මව් භාෂාවෙන්ම විභාගයට පෙනී සිටීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇත.

මෙම පහසුකමෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින අතර, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: