2024 ජූනි 03, පෙ.ව. 6:54
 
            
මෙරටට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය මත දිවයින පුරා රාජ්‍යය සහ පෞද්ගලික ආයතන අද සහ හෙට (3,4) දෙදින තුළ වසා දැමීමට තීරණය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ ඉහළ නිළදාරියෙක් තහවුරු කළ බව වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර සිටිනවා.
ඔහු පවසා සිටියේ මේ වනවිට දිවයින පුරා පාසැල් අද දිනයේ (3) පමණක් වසා තැබීමට රජය තීරණය කර ඇති බවත් රාජ්‍යය හෝ පුද්ගලික අංශයේ ආයතන සම්බන්ධයෙන් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් පාසැල් පද්ධතිය නැවත හෙට දිනයේ (4) යලි ආරම්භ කරනවාද යන්න අද දිනය තුල තීරණය කිරීමට නියමිත බවත්, රටේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් අද දහවල් ලබාදීමට නියමිත බවත් එම නිලධාරියා පවසා තිබෙනවා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියාසිටියේ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් යම් ආයතනයක අභිමතය පරිදි වසා දැමීමට තීරණය කර ඇතිනම් හැරෙන්නට රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25