hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 26, පෙ.ව. 5:07



තුර්කියේ නොමිලේ රැකියා ලබා දෙන බවට පළ වූ ව්‍යාජ සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් පුද්ගලයින් 1,500කට ආසන්න පිරිසක් අද (25) දිවයිනේ නන් දෙසින් කොළඹට පැමිණ තිබෙනවා.

රැකියා අවස්ථා 200ක් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා එම සම්මුඛ පරීක්ෂණය සංවිධානය කර ඇති අතර ඒ සඳහා යම් මුදලක් අය කිරීමට ද නියමිතව තිබී තියෙනවා.

කෙසේ වෙතත්, යම් පුද්ගලයකු සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු තොරතුරු ලබා දී, අදාළ රැකියා නොමිලේ ලබා දෙන බව සඳහන් කිරීමත් සමග අද එම සම්මුඛ පරීක්ෂණය සඳහා දිවයිනේ නන් දෙසින් 1,000කට ආසන්න පිරිසක් කොළඹ, ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය වෙත පැමිණ තිබෙනවා.

එහිදී අදාළ නියෝජිතායතනය ඔවුන්ට දන්වා ඇත්තේ, තුර්කියේ රැකියා අවස්ථා ඇති බව ත් ඒ සඳහා යම් මුදලක් අය කෙරෙන බවයි.

එම අවස්ථාවේ පැමිණි පිරිස අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දීමට එම නියෝජිතායතනය පියවර ගෙන තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ ව්‍යාජ තොරතුරු බෙදා හැරි තැනැත්තා බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.