hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 07, ප.ව. 5:21



අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඊට අදාළ යෝජනාව 2023 අයවැය කතාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව, පෞද්ගලික අංශයේ සේවකයන්ට ද සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සඳහා 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීම දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.