hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 4:00



ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දෙන අර්බුදය මත ක්ෂේත්රයේ පෙදරේරුවන් අත්උදව්කරුවන් ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම් කරුවන් ඇතුළු මිලියනයකට වැඩි පිරිසගේ රැකියා අහිමි වී ඇතැයි ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

ඉදිකිරීම් අමුද‍්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා එම ද්‍රව්‍ය සැපයීම් කරන ආයතන පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයිද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත එම ආයතනවල රැකියා කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහමගට වැටී ඇති බවද ඔවුන් පවසනවා.

සිමෙන්ති යකඩ ඉදිකිරීම් ද්‍රව්‍ය අධික මිල හා හිගය ඉදිකිරීම් කර්මාන්තයට කඩා වැටීමට ප්‍රධාන හේතුවක් බවද ඔවුන් කියා සිටිනවා.

මේ අතර අමුද්‍රව්‍ය හිඟය හා අධික මිල ගණන් හේතුවෙන් මහල් නිවාස සංකීර්ණය ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති දෙදහකට ආසන්න සංඛ්‍යාවක් අතරමඟ නැවතී ඇතැයිද වාර්තා වෙනවා.