hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 01, ප.ව. 9:33



ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය අසල අරගලකරුවන්ට පහරදීම සම්බන්ද සිද්ධියට අදාලව, අධිකරණය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.

ඊට අමතරව මෙම පහර දීම සිදු වූ දින අරලියගහ මන්දිරය තුළ පැවැති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ කතාව අඩංගු වීඩියෝ පටයක් ලැබී තිබෙන බවත් එය සංස්කරණය කර තිබේදැයි පරික්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ කතාව අඩංගු සංයුක්ත තැටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

එමෙන්ම සිද්ධිය වූ දින අරලියගහ මන්දිරය තුළ පැවති පැවැති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා විසින් සිදු කළ බව කියන ආවේගශීලී කතාව පිළිබඳව මනෝවිද්‍යාත්මක මතයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සදහන් කළා.