hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 07, ප.ව. 2:41



තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අම්බලන්තොට හා ඒ අවට ප්‍රදේශයන්හි පදිංචි තරුණ තරුණියන්ගෙන් මුදල් ගරා සංචාරක වීසා මත රටවල් වලට යවා එම තරුණ තරුණියන් එම රටවල අතරමං කල මිනිස් ජවාරම් කණ්ඩායමක ප්‍රධාන පුද්ගලයා විදේශසේවා නියුක්ති කාර් යාංශයේ වැටලීම් අංශය මගින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට වැලිපටන්විල ඇල පාර පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් කටයුතු කළ ප්‍රධන සැකකරුවෙකුයි.

එමෙන්ම මෙම පුද්ගලයාගේ නිවසේ මෙම තරුණ තරුණියන් සම්මුඛ පරික්ෂනය සිදුකර දෙමාපියන් රවටා තායිලන්තයේ ඉහළ වැටුප් ලබා දෙන පවසා සංචාරක වීසා මත ලාඔසයට යවා එහි තරුණ තරුණියන් අතරමං කර ඇති බවට දෙමාපියන් විසින් කරන ලද පැමිණිලි මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම මිනිස් ජාවාරමට එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් කිහිප දෙනෙක්ද සම්බන්ද වි සිටින අතර ඒ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වීමට නාම යෝජනා ඉදරිපත් කර ඇති, මේ වනවිට අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු පුද්ගලයෙක්ද සිටින බව වාර්තා වෙනවා.

මුදල් වංචා කර ඇති මෙම පුද්ගලයාගෙන් අතරමංවී ඇති දරුවන් ගැන තොරතුරු විමසීමට අදාල මන්ත්‍රීවරයාගේ  නිවසට ගිය දෙමාපියන්ට පවා මෙම පුද්ගලයා බැණ වැදී තර්ජනය කර ඇති බවද දෙමාපියන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් හඬ පටයන්ද අදාල දෙමාපියන් හා රැකියා අපේක්ෂාවෙන් ඔහු හමුවට ගිය තරුණයින්ද ඉදිරිපත්කරමින් සිටිනවා.

මේ මිනිස් ජවාරාමට හසුවී මේ වනවිට ලකාවට පැමිණ සිටින ඇඹිලිපිටිය ප්‍රදේශයේ සම්පත් නමැති තරුණයෙක් කියා සිටියේ මෙවන් අදහසක්

‘’අපිට තායිලන්තයේ ලක්ෂ හතර පහක් වැටුපක් දෙන රස්සාවලට යවනවා කියලා අපිව සම්මුඛ පරීක්ෂණයක් අම්බලන්තොටදී කළා. පස්සේ රට යන්න කලින් අම්බලන්තොට අනුර කියන කෙනා කිවුව විසාවලට රුපියල් පනස්දාහක් ඕන කියල ඒ සල්ලි හුංගම කඩේකින් තියන්න කියල මම ඒ විදියට සල්ලි කඩෙන් තිවුවා. පස්සේ රට යන්න දිනක් පමණ තියලා හෙට ඔයාල රට යවන්නව ඒ නිසා තවත් රුපියල් ලක්ෂ 03ක් අනුර කියන කෙනා ඉල්ලුවා පස්සේ ඒ සල්ලිත් එයාගේ ගිණුමට දැම්මා. එහෙම සල්ලි දීපු හත්දෙනෙක් මත එක්ක ගියා පස්සේ ගියාට පස්සේ තමයි තේරුනේ මේ අය අපිව හිරකරලා කියල. අපිට රස්සාවකට කියල ලාඕසයේ දුපතකට අරන් ගිහින් හිරකරගේන  හිටියේ එකට තායිලන්තයේ ඉන්න’’ ආදිල් ‘’ කියන නම ඇති පුද්ගලයෙක් සම්බන්ධයි. ඒ වගේ එහෙ හිරවෙලා 400ක් පමණ ඉන්නවා. ඒ අතර ගෑණු ළමයින් 200ක් විතර ඉන්නවා. අපිට රස්සාවක් කියලා කරන්න තිබුනේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් සමලිංගික පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන්ගෙන් වන්චනිකලෙස මුදල් ලබාගැනීම හැමෝටම කරන්න තියෙන්නේ මේ රස්සාව තමයි. පස්සේ මට ඉන්න ම බැරි තැන මරණවා කීවට පසේ අම්බලන්තොට අනුර සමරනායක කියන කෙනාට ලක්ෂ දහතුනක් දීල තමයි ලංකාවට නැවත එන්න පුළුවන් වුණේ.”