hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 28, ප.ව. 12:59



මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ආසන සංඛ්‍යාවෙන් 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

විවිධ සේවා සමුපකාර සංගමයට අයත් ප්‍රාදේශිකයන් 30 ක දී පැවති මෙම ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණ සිය බලය තහවුරු කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට ආසන 62ක්, පොදුජන පෙරමුණට ආසන දහයක් 16ත්, සමගි ජන බලවේගයට ආසන 14ක් සහ ස්වාධීන කණ්ඩායමට ආසන 9ක් වශයෙන් බෙදී ගොස් තිබෙනවා.

මහව සමූපකාර ප්‍රාදේශික තිහක් සඳහා සභිකයන් සිය දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඡන්ද විමසීමේ දී පැවති ප්‍රාදේශීය 30 න් 13 ක් සඳහා ඉදිරිපත් වූ සියලු සභිකයන් ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත් වීම ද මෙහිදී කැපී පෙනෙන සිද්ධියක්.