hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 01, පෙ.ව. 3:10



ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙසත් සේවයට වාර්තා නොකරන බවුසර්වල ලියාපදිංචිය අවලංගු කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් දී තිබෙනවා.

දුම්රිය, රජය සහ ඉන්ධන පිරවුම්හල් සතු සහ කුලියට ගත් බවුසර් යොදාගෙන අඛණ්ඩව ඉන්ධන බෙදීම පවත්වාගෙන යන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

ඊයේ දිනයේ සවස 4 වන විට ඉන්ධන බවුසර් 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කළ බව අමාත්‍යවරයා පවසනවා.

පෙට්‍රල් 95 තොග අඩුයි

ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් තොග වෙළඳපොළට අඛණ්ඩව නිකුත් කරන අතර එම ඉන්ධන ප්‍රමාණවත් තොග ඛණිජ තෙල් සංස්ථාව සතුව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පෙට්‍රල් 95 සීමිත තොග වෙළඳපොළට නිකුත් කරන බවය.

ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් ඊයේ (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය සඳහන් කළා.

සාකච්ඡා අසාර්ථකයි

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඉල්ලා සිිටි සියයට 60ක ගාස්තු වැඩිවීම සම්බන්ධ අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉන්ධන, අමතර කොටස්, රක්ෂණ ගාස්තු සියයට 150 න් ඉහළ යෑම හේතුවෙන් තමන්ද රජයෙන් සියයට 60ක මුදල් වැඩිවීමක් ඉල්ලා සිටි බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළා.

පෙරේදා (29) පැවැත්වූ විශේෂ සාකච්ඡාවක ද‍ී අමාත්‍යවරයා සිය ඉල්ලීම් වලට එකඟ නොවීම නිසා එකගතාවයකින් තොරව සාකච්ඡාව නිමා වූ බවයි හෙතෙම කියා සිටියේ. 

යළි ඉන්ධන හිඟයක් 

පුද්ගලික ටැංකි රථ 600 ක් දිවයින පුරා තෙල් බෙදා බෙදාහැරීමේ කටයුතු වල නිරත වෙනවා.

වර්ජනය හේතුවෙන් කිසිදු ටැංකි රථයක් ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා යොදා නොගන්නා බවද  ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළා.

රජය තම ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනය නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වර්ජනය හේතුවෙන් රට තුළ යළිත් ඉන්ධන අර්බුදයක ඇති විය හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: