hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 07, පෙ.ව. 9:18



කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් 5 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා.

නොසන්සුන්කාරී තත්ත්වයක් තවදුරටත් පවතින අතර පොලීසියේ සහ හමුදාවේ සහාය ඉල්ලා ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් ඉන් පළාගොස් ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත්ය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මෙසේද සදහන් කළා.

“කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රී දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගිහිල්ලා කණ්ඩායම් දෙකකට බෙදිලා එතනදී කලහාකාරී තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. ඒ අවස්ථාවේදී ඒ දෙපැත්තේ අය ගල්මුල්වලින් ගහගෙන තියෙනවා. පරිසරයේ තියෙන දේවල් උයෝගිකරගෙන ගහගෙන තියෙනවා. එයින් හතර පස්දෙනෙක්ට තුවාල වෙලා තිබුණා. රාත්‍රීයේ පොලීසියත්, යුද හමුදාවත් ඇවිල්ලා තත්ත්වය යම්කිසි දුරට පාලනය කළා. ඒ වුණත් එක කොටසක කලහාකාරී හැසිරීම් සිදුවෙනවා දැනටත්. ඒ වුණාට පොලීසියත්, යුද හමුදාවත්  මේ අවස්ථාවේ අවට  පරීක්ෂා කරගෙන යනවා. ඒ වෙලාවේ එතනින් පැනලා ගිහින් තිබුණා කට්ටියක්.”