hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 5:17



මහනුවර මහ නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ 04ක කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදුකරුවෙකු ගෙන් තවත් අයෙකුට පැවරීමේදී ගාස්තු වශයෙන් අය කළ රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ අසූතුන් දහසක මුදලක් නගර සභාවේ ගිණුමට බැර නොකර නගර සභාවේ ආදායම් අංශයේ කළමනාකරණ සහකාරවරියක විසින් වංචා කළ බව කියන සිද්ධියට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වනතෙක් කඩ කාමර මුද්‍රා නොතබන ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා නාගරික කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

කටුගස්තොට මැණික්කුඹුර සිල්ලර වෙළෙඳ සංකීර්ණයේ කඩ හිමියන් පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා හමුවී කළ ඉල්ලීමකට අනුව ආණ්ඩුකාරවරයාගේ දැනුම්දීම මත පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ලිපිය නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා වෙත යොමුකර ඇත.

කඩ කාමර පැවරීමේදී නගර සභාවේ නිලධාරීන් සිදුකර තිබෙන මූල්‍ය වංචාව හා අධීක්ෂණ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ අවසන් වනතෙක් කඩ කාමර මුද්‍රා නොතබන ලෙසත් අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තාව තමන් ලෙස බාරදෙන ලෙසත් ආණ්ඩුකාවරයා දැනුම් දී තිබෙන බව මේනක හේරත් මහතා කොමසාරිස්වරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙනවා.                                                 

නගර සභාවේ නිලධාරිනිය සිදුකළ රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයක පමණ මුදල් වංචාව නීතිමය පියවර හරහා ඇයගෙන් අයකර ගනු වෙනුවට මෙම කඩ කාමර මුද්‍රා තැබීමට මහනුවර මහ නගර සභාව උත්සාහ කිරීම කැකිල්ලේ තීන්දුවක් බව එම කඩ කාමර හිමියෝ පවසනවා.