hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 පෙබරවාරි 03, ප.ව. 6:20



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

75 වන ජාතික නිදහස් දින සැමරුම් ආගමික වතාවත් ආරම්භ කරමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පිළියෙල කර තිබූ විශේෂ පූජාවට ද ජනාධිපතිවරයා සහභාගි වී තිබෙනවා.

මේ අතර වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ පැවැති 75 වන නිදහස් දින සැමරුම් පිරිත් පිංකම සඳහා ද සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තා.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබුණා.