hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 12:02



මහනුවර මහ නගර සභාවේ  රුපියල් කෝටි ගණනක මූල්ය වංචාවන්ට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනාට එරෙහිව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට නගර සභාව මගින් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වී තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

නගර සභාවට අයත් කඩ කාමර වල කුලී අය කිරීමේ දී හා කඩ කාමර වෙනත් අයට පැවරීමේ දී ව්යාජ රිසිට්පත් ඉදිරිපත් කරමින් රුපියල් දෙකෝටි දාහත්ලක්ෂයක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වන ගිණුම් අංශ සේවිකාවට එරෙහිව අධිකරණය මගින් විදේශ ගතවීම වලක්වා ගැනීම සඳහා නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කරනු ලැබ ඇත්තේ ද නාගරික කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් මධ්යම පළාත් නියෝජ්ය පොලිස්පතිවරයා ගෙන් කළ ලිඛිත ඉල්ලීකින් පසුවයි.

රුපියල් ලක්ෂ 51 ක මුදලක් නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්රධාන කළමනාකාර සේවා නිලධාරිනිය දියණියගේ මංගල උත්සවය සඳහා රැගෙන ගොස් මේ වනවිට මාස එකහාමාරක පමණ කාලයක් ගතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද නගර සභාව මගින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මූල්ය වංචා සිද්ධීන් දෙක සම්බන්ධයෙන්  පොලිස් පරීක්ෂණ ක්රියාත්මක වන්නේ ඉබි ගමනින් බවට නගර සභා සේවකයෝ චෝදනා කරනවා.

අදාළ වංචාවන් සම්බන්ධයෙන් මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ගේ උපදෙස් මත පළාත් පාලන කොමසාරිවරිය විසින් පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබුවා.

එම පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් අදාළ සේවිකාවන් දෙදෙනා ගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

මාසයකට අධික කාලයක් ඉක්ම ගියද මෙම මහා වංචාවන් සිදු කළ නිලධාරිනියන් දෙදෙනා මේ දක්වා අත්අඩංගුවට නොගැනීම පිළිබඳ මහනුවර මහ නගර සභාවේ සේවකයෝ මහනුවර මූලස්ථාන පොලිසියට කණස්සල්ල පළ කරයි.

මහනුවර – කේ.එල්. සුරවීර





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: