hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 18, ප.ව. 12:58



තෙල්දෙණිය පොලිස් වසමේ දිගන නගරයේදී වෙඩි තබා ගෙන මිය ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17) මහනුවර ජාතික රෝහලේදී පැවැත්වුණා.

මෙම මරණය නිකට යටින් තබන ලද ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් මොළේ පසාරු කරගෙන යාමෙන් ඇති වූ තුවාල නිසා රුධිර වහනය වීම හේතුවෙන් ඇති වූ මරණයක් බව මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුබ්‍රමනියම් මහතා නිගමනය කොට තිබෙනවා.

දිගන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‍ෙදාන් මංගල ගුණවර්ධන නමැති අය ඔහුගේ ව්‍යාපාරික ස්ථානය තුළදී වෙඩි තබා ගැනීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කළ අතර් ඒ වන විට ද ඔහු මියගොස් සිට තිබෙනවා.

තිදරු පියෙකු වන ඔහු රුපියල් කෝටි ගණනින් මුදල් පොළියට ලබා දීමට අමතරව ව්‍යාපාර රැසක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තබා ගැනීම සිදුවන අවස්ථාවේදී කාර්යාලය තුළ ඔහුගේ සේවිකාවන් දෙදෙනකු හා රියැදුරු සිට ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.