2022 නොවැම්‍බර් 07, පෙ.ව. 7:15
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සි.ටී ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් දැනට මාසයක පමණ කාලයක සිට අක්‍රිය වී ඇති අතර අනික් ස්කෑන් යන්ත්‍රය තුලින් ද ස්කෑන් කළ හැක්කේ රෝගියකුගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම තත්වය නිසා ස්කෑන් පරීක්ෂණ සදහා කරාපිටිය රෝහලට පැමිණෙන රෝගින් දැඩි අසරණ තත්වයට පත්ව තිබෙනවා.
රෝගියගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් ස්කෑන් කළ හැකි යන්ත්‍රයද ඉතා අබලන් තත්වයේ පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.
මේ පිළිබද ඒෂියන් මිරර් අපි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතාගෙන් කළ විමසුමකදි මෙසේ සඳහන් කර සිටියා,
“රෝහලටම තියෙන්නේ සි.ටී ස්කෑන් යන්ත්‍ර දෙකයි. එක් යන්ත්‍රයක් දැනට මාසයක පමණ සිට අක්‍රිය වෙලා තියෙනවා. එම යන්ත්‍රයේ බල්බයක් පිච්චිලා තියෙනවා. ඒ සදහා විශාල වියදමක් දැරීමට තියෙනවා. අනික් සි.ටි ස්කෑන් යන්ත්‍රයෙන් රෝගියකුගේ මොලය ආශ්‍රිත ප්‍රදේශය තමයි ස්කෑන් කරන්න පුළුවන්. මේ නිසා ස්කෑන් පරික්ෂණවලට ලක්කල යුතු රෝගින් හම්බන්තොට රෝහලට පිටත්කර යවා තමයි ස්කෑන් පරික්ෂණ කරන්නේ. හදිසි රෝගින්ගේ ස්කෑන් පරික්ෂණ රජයේ වියදමින් පුද්ගලික අංශය මගින් සිදු කර ගන්නවා.”
ගාල්ල – ලලිත් චාමින්ද
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20