hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 03, ප.ව. 8:59



2023/2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) සභාපති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා තරඟ කිරීමට නියමිතයි.

BASL නිලවරණය 2023 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි.

නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ඔහුගේ නීතිමය කටයුතු ප්‍රධාන වශයෙන් කොළඹ කේන්ද්‍ර කර ගෙන තිබුණද, ඔහු රට පුරා මුල් අධිකරණවල පෙනී සිටිනවා.

ඔහු බේරුම්කරණය සහ සමථකරණය වැනි විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන්හි ද සම්බන්ධ වන අතර එහිදී ඔහු වාණිජ ආරවුල් සම්බන්ධයෙන් බේරුම්කරුවෙකු ලෙස ද ක්‍රියා කරනවා.

විවිධ තනතුරුවලින් නීතිඥ ප්‍රජාවට සේවය කරමින් නවරත්න කොළඹ නීති සංගමයේ (2014/2016) ලේකම්වරයා වූ අතර ඉන් අනතුරුව කොළඹ නීති සංගමයේ (2016/2017) සභාපතිවරයා ලෙස තේරී පත් වි තිබෙනවා.

නවරත්න මහතා වසර ගණනාවක් නීතීඥ සංගමයේ කලාප උප සභාපති (කොළඹ), විධායක කමිටු සාමාජික සහ නීතිඥ මණ්ඩල සභික ලෙස කටයුතු කළේය. ඔහු 2019 දී එහි ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.