hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 10:24



වෛද්‍ය හේතු මත මෙරටට පැමිණ සිටියදී ගාලුමුවදොර අරගලයේ වීඩියෝ සමාජ ජාලාවලට මුදා හැරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති ස්කොට්ලන්ත ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh fraser) නම් තරුණියගේ මෙරට රැඳී සිටීමේ වීසා බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා අවලංගු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ගාලුමුවදොර අරගලයට සහය පල කරමින් සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙලෙස ඇයගේ වීසා අවලංගු කිරිමට පියවර ගැනුණා.

මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා මගින් මෙරට රැඳී සිටි බව පවසන ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ එළඹෙන 15 වැනිදාට පෙර ඇයට දිවයිනෙන් පිටත්ව යන ලෙසයි.

වීසා බලපත්‍රය අවලංගු කර තිබෙන කෙලී ෆ්‍රාසර් තරුණිය ඊයේ (11) සිය ෆේස්බුක් ගිණුමේ ලුතර් ඉන්ග්‍රම්ගේ සටහනක් උපුටා දක්වමින් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

“ඔබට ආදරය කිරීම වැරදි නම්, මට නිවැරදි වීමට අවශ්‍ය නැත. මේ සියල්ල ගෝඨාගෝගම ආරම්භ වූ ආකාරයයි. ආණ්ඩුව ජනතාවට පහරදී ආයෙත් බයක් ඇති කරන්න කලින්, අහිංසක විරෝධතාකරුවන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීම් සහ බොරු චෝදනාවලට පෙර, අමානුෂික සහ අවමන් සහගත සැලකීමට පෙර, රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට පෙර, රාජ්‍ය ප්‍රචාරක මාධ්‍ය ඔබට ගෙවල් ගිනි තිබ්බා කියලා චෝදනා කරන්න කලින් එකමුතුව සහ සහයෝගිතාවයෙන් කටයුතු කරන්න.

ඔබ බියෙන් මිදී එකට වැඩ කරන විට ඔබ ඇදහිය නොහැකි තරම්ය. ඒක කවදාවත් අමතක කරන්න එපා. මේකේ කොටසක් වෙන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ඔබගෙන් බොහෝ දෙනෙක් හමුවීම ගැන ආඩම්බර වෙමි. මට මේ රටට උදව් කිරීමට බොහෝ අදහස් සහ සැලසුම් තිබේ.

මට මෙහි වැඩ කිරීමට අවශ්‍ය බොහෝ සමාජ ව්‍යවසායන් බොහෝ දෙනකුට ප්‍රතිලාභ ලබාදෙන බව මම දනිමි. මාව පිටුවහල් කිරීම මේ රටට කරන දැවැන්ත වරදක්. සිස්ටම් චේන්ජ් එක තමයි ඔය පාරට ආවේ. ඒක අමතක කරන්න දෙන්න එපා. ඔබේ දරුවන් තමන්ට උරුම ලෝකය ගැන ස්තුතිවන්ත වන ආකාරයෙන් ජීවත් වන්න. එය අවසන් වනතුරු එය අවසන් නොවේ. කුමක් සිදු වුව ද මම මෙහි නිවැරදි දේ කළ බව මම දනිමි.”