hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 30, පෙ.ව. 3:08



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාවේ නිමාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඊයේ (29) දිනයේත් විශාල වාහන ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.

පෙරේදා(28) දිනයේත් මේ ආකාරයෙන් වාහන ඉන්ධන ලබා ගැනීමට පැමිණ තිබුණා.

ඊයේ දිනයේ කොලොන්නාව නිමාව තුළ ඉඩ ප්‍රමාණවත් නොවූ නිසා ඇතැම් වාහන නවතා තිබුණේ ඉන් පිටත ස්ථාන වලයි.

බැරල් වලටත් ඉන්ධන රැගෙන යාමට ලොරි රථවලින් පුද්ගලයින් පැමිණ සිටිනු දක්නට ලැබුණා.

නමුත් ඉන්ධන බවුසර් කොලොන්නාව නිමාවෙන් පිටවනු අයුරු දක්නට නොලැබුණු බව වාර්තාවනවා.

එහි නිලධාරියෙකුගෙන් විමසීමේදී සඳහන් කළේ අත්‍යාවශ්‍ය සේවාවලට ඉන්ධන ලබා දීමක් සිදු නොවන බවයි.

ධීවර බෝට්ටුවලට ඉන්ධන ලබා දෙන බවට පවසා සිටි අදාල නිලධාරියාගෙන් සුපිරි වාහන පැමිණ ඉන්ධන ලබා ගන්නේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට ලැබුණ පිළිතුරු මේ.

“ඒක ඇතුලෙන් කරන්නේ. මෙතන පාස් නිකුත් කරන විතරයි කරන්නේ. එන ඒවා දෙන්න කියන ඒවා ඉහළින් කියන ඒවාට දෙනවා.” යනුවෙනි.

ඔහු පවසන ආකාරයට ඊයේ දවස පුරාත් ඉහළින් ලැබුණු ලැයිස්තුවට තෙල් ලබාදීමට කටයුතු කර තිබූ බව දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඊයේ (29) වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක් සහ ඔක්ටෙන් 92 සහ 95 මෙට්‍රික් ටොන් 5000කට ආසන්න ප්‍රමාණයක් පමණක් පැවැති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් හදුන්වා දුන් ටෝකන් ක්‍රමය යටතේ ඉන්ධන ලබා ගැනීමට ජනතාව තවදුරටත් දිගු පෝලිම් වල සිටිනු දක්නට ලැබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: