hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 29, පෙ.ව. 8:39



ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම ඊයේ (28) සිට සම්පූර්ණයෙන් ම අත්හිටුවා තිබෙනවා.

මුතුරාජවෙල පර්යන්තයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන තොග නිකුත් කරන බව යි එහි නිලධාරියෙකු පැවසූවේ.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල්වලින් සාමාන්‍ය ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් ම අත්හිටුවන ලෙස ද පිරවුම්හල් දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී ද සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබුණා.

සිය ඉන්ධන පිරවුම් හල් හරහා පෞද්ගලික වාහනවලට ද ඉන්ධන නිකුත් කරන බව IOC සමාගම පවසනවා.

කෙසේ වෙතත් ජනතාවට ඉන්ධන ලබාදීම නවතා දැමුවද ඊයේ (28) පස්වරු 1.30ට පමණ ශ්‍රී ලකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවෙන් සුඛෝපභෝගී මෝටර් රථ රාශියක් පිටව යන අයුරු දැකගත හැකි වුණා.

අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය නිවේදනය කර තිබියදී රජයට සම්බන්ධ ඉහළ පෙළේ පුද්ගලයන් තම මෝටර් රථවලට ඉන්ධන පුරවාගෙන එලෙස පිටව ගියේ ඔවුන්ගේ වාහන අත්‍යාවශ්‍ය සේවාවන්ට අයත් නිසාද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: