hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 07, පෙ.ව. 6:43



පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංජනය වන කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසුවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ නායකයින් සහ පළාත් පාලන ආයතන වලට තරග කරන අපෙක්ෂකයන් සමග කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම එකගතාවයට පැමිණි බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.

කුකුලා ලාංජනයෙන් දිගු කාලයක් මැතිවරණවලට ඉදිරිපත් නොවු බවත්, පළාත් පාලන මැතිවරණයේදි කුකුලා ලාංජනයෙන් තරග නොකල නිසා තම පක්ෂයේ වත්මන් තත්ත්වය තහවුරු කරගත හැකි බවත්, කුකුලා ලාංජනයෙන් තරඟ කිරිම තුලින් පළාත් පාලන මැතිවරණයේදි තරග කරන අනෙකුත් ප්‍රධාන පක්ෂ වලට ජන්ද ලැබිමේ ප්‍රතිශතයක් අඩුවන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටින්නේ.

රටේ පවතින ආර්ථික අර්බුධයත් සමග ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වි මැතිවරණයට ඉදිරිපත් විම තුලින් තම පක්ෂයට අවාසියක් සිදු වන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.

විශේෂ සාකච්ඡාවකදි පළාත් පාලන ආයතන වලට ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරාපත් කර ගැනිමට මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා කමිටු පත් කල බවද කනපති කනගරාජ් මහතා පැවසුවා.