hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 09, පෙ.ව. 11:25



කුරුණෑගල – පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැඩයේ ආකෘතිය කඩා ඉවත්කර තිබෙනවා.

කුරුණෑගල – පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකරමින් පවතින බවට පසුගිය දා වාර්තා පල වීමත් සමඟ ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇති වුණා.

මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා විසින් මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයාගෙන් පසුගිය දා ඉල්ලා සිටියේ.

කෙසේවෙතත් මෙම දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැඩයේ ආකෘතිය කඩා ඉවත්කරන අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.