hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:00



ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ අහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේදී ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදා දීමේ අක්‍රමිකතාවක් සිදු වූ බවට සිසුහු සහ මවුපියෝ චෝදනා කරනවා. 

එහි විභාග ශාලාවක සිටි දරුවන් එකළොස්දෙනකු වරණ සහිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදී නිරීක්ෂකවරියක් විසින් ප්‍රශ්න පත්‍ර නැවත ලබා ගෙන ඒවා හුවමාරු කර ඇති බවට චෝදනා එල්ල වෙනවා.

එම අවස්ථාව වන විටත් දරුවන් විසින් ප්‍රශ්න 25කට පමණ පිළිතුරු සපයා ඇති අතර වෙනත් ප්‍රශ්න පත්‍රයක් ලබා දීමේදී මුල සිට නැවත පිළිතුරු ලිවීමට දරුවන්ට සිදු වී තිබෙනවා.

මෙහිදී දරුවන් සහ මවුපියන් විසින් එම විදුහල අසල නොසන්සුන්කාරීව හැසිරුණු අතර පොලිස් නිලධාරීන් හා කලාප බලධාරීන් ද පැමිණ මවුපියන් සන්සුන් කිරීමට පියවර ගෙන තිබුණා.

විභාගයෙන් අනතුරුව එම දරුවන් පැවසුවේ භාගයක් පමණ පිළිතුරු ලියා තිබෙන විට ගුරුවරියක් විසින් ඒවා එකතු කර වෙනත් ළමයෙක් පිළිතුරු ලියා තිබූ ප්‍රශ්න පත්‍රයක් තමන්ට ලබා දුන් බවයි.

එම ගුරුවරිය මේ සම්බන්ධයෙන් යාළුවකුටවත් අම්මටවත් කියන්නට එපා යැයි තමන්ට පැවසූ බවද දරුවෝ පැවසූවා.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනාරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒ ගැන විමර්ශනයක් කර අදාළ සිසුන්ට අසාධාරණයක් වී ඇත්තම් සහනයක් ලබා දෙන බවයි.

එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු හා අනවශ්‍ය දෙයක් කවුරු හෝ කර ඇත්නම් ඒ අය සම්බන්ධයෙන් ද පියවර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළා.

ශිෂ්‍යත්ව විහාගයට ගියපු දරුවන්ගේ ප්‍රශ්න පත්‍රයට ගුරුවරිය කළ කැත වැඩේ – දෙමව්පියන් හඩා වැටෙයි (VIDEO)