hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2022 ජූලි 08, ප.ව. 9:40



කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර හෙවත් දයාබර මංජු විසින් නිවසකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පළාගොස් ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසනවා.

ඒ, හොරණ අඟුරුවාතොට, දොඹගොඩ හමුදා කඳවුර මංසන්ධියේ පිහිටි නිවසකටයි.

ඊයේ (07) රාත්‍රියේ එම නිවසේ පිංකමක් සංවිධානය කර තිබී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර ද ඊට සහභාගී වී තිබෙනවා.

පසුව එම ස්ථානයේ සිටි පිරිසක් සමග මන්ත්‍රීවරයා බහින්බස්වීමක් ඇති කරගෙන තිබෙනවා.

ලලිත් වර්ණ කුමාර මන්ත්‍රීවරයාට සිය මන්ත්‍රී ධූරය හිමි වුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහින්ද සමරසිංහ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමෙන් පසු වූ පුරප්පාඩුවටයි.