hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 මාර්තු 23, පෙ.ව. 12:00



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

ඒ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (23) දිනයේ දී මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ය.

එමෙන්ම, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

තව ද, උතුරුමැද සහ උතුරු පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද හෙට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: