hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 04, ප.ව. 9:23



මාස කිහිපයකට පසු ලාෆ් ගෑස් බෙදා හැරීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පවසනවා.

ඒ ගෑස් මෙටි්‍රක් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණිමත් සමගයි.

එහි ගොඩබෑමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති අතර ගෑස් මිල ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර, අද සහ හෙට දෙදින තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළ අතර, ගෑස් මෙටි්‍රක් ටොන් 2500ක් රැගත් නෞකාවක් මෙරටට ලගා වී ඇතත් බෙදා හැරීම් ලබන අගහරුවාදා සිට ක්‍රියාත්මකයි.

මේ අතර, ගෑස් බෙදා හැරීම නිසි පරිදි සිදු නොකරන බවට චෝදනා කරමින් අදත් ඇතැම් ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා.

මේ අතර, තවත් ගෑස් මෙට්‍රික් ටොන් 2,500 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟාවූ ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව එම ගෑස් නෞකාවේ ගෑස් තොගවල සාම්පල පරීක්ෂාව හෙට දිනයේදී සිදුකිරීමෙන් පසු අඟහරුවාදා සිට බෙදාහැරීම් කටයුතු සිදුකළ හැකි වනු ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

ඒ අනුව අද හෙට සහ අනිද්දා ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් අද දිනයේදී අත්‍යවශ්‍ය සහ වානිජ සේවා සඳහා අවශ්‍ය කිලෝග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු සිදුවනවා.