hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 15, ප.ව. 8:36



බගවන්තලාව උප තැපැල් කාර්යාලයේ සේවය කරන ලිපි බෙදාහරින්නෙකුගේ නිවසේ තිබි බෙදාහැරිමට භාර ගත් ලිපි 75 ක් ඊයේ (14) පස්වරුවේ පොලිසිය භාරයට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බන්ඩාර මහතා පැවසුවා.

සැකකරු පෙරේදා (13) දින ගංජා මිශ්‍ර එන්සි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රැම් 201 ක් සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුගේ නිවසේ තවත් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත සැකකරු පදිංචි බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්ත පහල කොටසේ නිවස පරික්ෂා කිරීමේදි නිවස තුල තිබි බෙදා හැරිමට භාරගත් ලිපි 75 ක් තිබි හමුවු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු යන මාස වල බෙදා හැරිමට සැකකරු විසින් භාර ගත් ලිපි 75ක් සැකකරු විසින් බෙදා නොහැර නිවසේ සගවා තිබු බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව උප තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් සිද්ධිය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගත් බවයි බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ලග තබා ගැනිමේ චෝදනාව යටතේ සහ තැපැල් ලිපි සැගවිම, හානි සිදු කිරිම සහ ඒවාට අලාභ හානි කිරිම යන චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.