hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 13, ප.ව. 2:09



කැකිරාව පොලිස් ස්ථානයෙහි නිලධාරීන් සිදුකරන ලද මෙහෙයුමකදී පොසොන් සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා නීතිවිරෝධී අයුරින් ගබඩා කර සඟවා තැබූ මත්පැන් තොගයක් කැකිරාව සතොස ආයතනය තුළ තිබී සොයාගෙන තිබෙනවා.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව මෙහෙයුම සිදුකර තිබෙනවා.

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැබෑරුම් මේ වන විටත් වසා ඇති අතර එම කාල වකවානුවේදී වැඩි මිලට අලෙවි කිරිම සඳහා අදාල සේවකයා මෙම මත්පැන් තොගය සතොස ආයතනයේ වෙනම කාමරයක සඟවා තබා ගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අදාල මත්පැන් තොගේම ආයතනයේ ම ඇති මත්පැන් අලෙවිසල් එන් ඉවත් කරගෙන කර ගෙන ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස නීති විරෝධීව සඟවා තිබූ මත්පැන් බෝතල් 93ක් එම ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඇති අතර එහි වත්මන් වෙළදපොල වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න බව පොලිසිය පවසයි.

මෙම මත්පැන් තොගය සන්තකයේ තබාගත් බව කියන තිස් එක් හැවිරිදි සතොස සේවකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.