hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 8:38



මත්පැන් නිෂ්පාදන ආයතන 05කින් හිග සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් අය විය යුතු රුපියල් දෙසිය අටකෝටි පනස්එක්ලක්ෂ හතලිස්දහස් එකසිය අසුඅටක (2,085,140,188)  මුදලක් අය කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල වසර 05කට වැඩි කාලයක සිට මත්පැන් නිෂ්පාදන ආයතන 05කින් අය විය යුතුව ඇති බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට  අයවිය යුතු හිග බදු මුදල රුපියල් තිස්හය කෝටි හය ලක්ෂ විසිපන්දහස් හාරසියතිස් නමයක් (360,625,439) ප්‍රමාද ගාස්තු මුදල් එකසියහැත්තැ දෙකෝටි හතලිස්පන්ලක්ෂ දාහතරදහස් හත්සියහතලිස් නමයක් (1,724,514,749).

හිඟ බදු මුදල් පැහැර හැරිම සම්බන්දයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන 03කට අදාලව නඩු පැවරිමට අවශ්‍ය මුලික කටයුතු  කොටුම්පත් කරන අවස්ථාවේ හිග සුරාබදු හා ප්‍රමාද ගාස්තු ගෙවිම පිළිබද එකගතාවයක් ඇති කරගෙන තිබෙනවා.

එහෙත් අදාල මත්පැන් නිෂ්පාදන ආයතන විසින් එම එකගතාවය කඩකර හිග බදු හා ප්‍රමාද ගාස්තු ගෙවීමද පැහැර හැර තිබු බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

හිග බදු අයකර ගැනීම සදහා මත්පැන් නිෂ්පාදන සමාගම් 02කට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු  විභාග වෙමින් පවතින අතර  අනික් සමාගම් තුන සදහා  අධිකරණයේ නඩු පැවරිමට අවශ්‍ය මුලික කටයුතු  සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති අංශය මගින් සිදු කරමින් පවතින බව සුරාබදු දේපාර්තමේන්තුව විසින් විගණනයට සදහන් කොට ඇති බව වාර්තා වෙනවා.

මේ අතර නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමකින්  2021 වර්ෂයේ 12.31 දින වන විට රුපියල්  එකසියවිසිහතර කෝටි අසුඑක්ලක්ෂ අනුහතරදහස් දෙසියපනස්හතක මුදලක් (1,248,194,257) අයවීමට ඇති බවද විගණන කාර්යාලව පෙන්වා දෙනවා.

එම සමාගමෙන් අය විය යුතු  ප්‍රමාද ගාස්තු මුදල රුපියල් හැත්තෑ නම කෝටි තිස්දෙලක්ෂ විසිපන්දහස් හාරසියවිසි නමයක්.(793,225,429)

මේ අතර අදාළ සමාගම විසින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිම සදහා මුලිකව රුපියල් 100,000,000 ගෙවිමටත් ඉතිරිය  වාරික 24කින් ගෙවිම සදහාත් 2021 ජුනි මස 23 වනදින ගිවිසුම්ගත වි තිබෙනවා.

කෙසේවුවද  ඉන් මුලික ගෙවිම වාරික දෙකක් යටතේ ඉන් පළමු වාරිකය 2021 ජුනි මස 30 වැනි දින ගෙවීමට කටයුතු ආරම්භකර තිබුනද අමාත්‍ය මණ්ඩල තිරණයක් මත නැවත නිෂ්පාදන බලපත්‍රය අත්හිටු වීමට පියවරගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

2021 වර්ෂයට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සදහන් වෙනවා.

ලලිත් චාමින්ද